Thursday, July 10, 2008

මාධ්‍ය නිදහස සුරක්ෂිත කළ යුතුයි.

කොළඹ අතිපූජ්‍ය චිකේරා රදගුරු තුමන්ගේ ප්‍රකාශය

මාධ්‍යවේදීන්ට විරුද්ධව වර්තමානයේ රටේ ඇතිවී ඇති ප්‍රචන්ඩත්වය සිය`ඵම පුරවැසියන් ලෙස සැළකිල්ලට ගත යුතු ප්‍රබල කරුණකි. මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හා ඔවුන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බාධා කිරීමකි.
ඉතා මෑතකදී කොළඹ ජනාකීර්ණ මාවතකදී මහා දවාලේ නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර යන මාධ්‍යවේදීන් දෙපලට එල්ලවූ ප්‍රහාරය ශ්‍රි ලාංකිකයන් ලෙස සිය`ඵම දෙනා සම්පූර්ණයෙන්ම හෙලා දැකිය යුතුය. එමෙන්ම මාධ්‍යවේදී තිස්ස නායගම් පැහැදිලි හේතුවකින් තොරව සිර භාරයේ රඳවා තබා ගැනීමද බොහෝ දෙනාගේ සැළකිල්ලට හේතු වී ඇත. ලෝකයට සහ අප රටටද ඇත්තෙන්ම ශ්‍රි ලංකික මාධ්‍යවේදීයාට මේ ආකාරයෙන් සළකන්නේ ඇයි දැයි තේරුම් ගත නොහැකි තත්වයකට අද පත්වී ඇත.
මා ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ මෙම රඳවා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම මැදහත් වන ලෙස සහ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසය. ඔහු වරදකරුවෙකු වේ නම් නීතියට යටත් විය යුතුය. ඔහු අහිංසක නම් කඩිනමින් ඔහුව නිදහස් කළ යුතුය.
මේ ආකාරයෙන් සිදුව ඇති මාධ්‍ය ප්‍රචන්ඩත්වය වෙනුවෙන් මේ දක්වා විමර්ශනයක් කර අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනඑAමට නොහැකිවීම සාක්ෂි ප්‍රමාදවීම යන කරුණු වලට ආරෝපනය කළ නොහැක. ඉතා නවීන බුද්ධිමත් සාම්ුප්‍රධායක් දැන් රටේ පැතිර පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය`ඵම මාධ්‍ය වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සඳහා මාධ්‍ය වෘත්තිමය නිදහස වෙනුවෙන් සහ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් නීති ක්‍රියාවළිය නිදහස් ලෙස සිදුවීමට ඉඩ දිය යුතුය.
විශාල මාධ්‍යවේදීන් සංඛ්‍යාවකට හා ඔවුන් ගේ අඹු දරුවන් හා ඥාතීන්ට පුද්ගලිකව ඇති විශාල වශයෙන් සිය ජීවිතවලින් හා වෙනත් බොහෝ හානිකර අත්දැකීම්වලින් පාඩු දරා ගන්නට සිදු වී ඇත. ඔවුන්ට සිදු වී ඇති මානසික කම්පන හා ශාරීරික හානි කොපමණදැයි අපට දැන ගන්නට නොහැක. ඔබ ගේ වෘත්තීමය හා ප්‍රජා අයිතිවාසිකම් ඉටු කිරීමෙහි දී වධ හිංසාවලට භාජනය වූ හා සිය මානව ගරුත්වය උල්ලංඝණය කරනු ලැබූ ඔබ සියලූ දෙනාට අප කිතුනු සභාවේ සහයෝගිතාවය පිළිගන්වන අතර ඔබ වෙනුවෙන් කරනු ලබන අප කිතුනු සභාවේ යාඥා ඔබ සමඟ බව සඳහන් කරමි. බොහෝ දෙනෙක් ඔබ සැමට ණයගැතිව සිටිති.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි සැළකිල්ලක් නොදක්වමින් හිඳින පාර්ලිමේන්තු මැතිවරුන් සහ කැබිනට් ඇමතිවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි පියවරයන් ගන්නා ලෙසයි. ඔබ එසේ කිරීමට බැඳී ඇත. මේ ප්‍රවනතාවය සම්බන්ධයෙන් නිහ~ව හෝ මෙය සාධාරණියකරණය කරමින් රැඳිසිටීමට ඔබට නොහැක.

ඔබ සැමට සාමය සහ ආශිර්වාදය

අති පූජ්‍ය චිකේරා හිමිපාණන්--- කොළඹ -රදගුරු.